රස්සාව ගැනමයි දිගටම හිතෙන්නෙ..
කැම්පස් යන කාලේ අල බෝල හිටියා ලයිබ්රි එකෙන් හෙල්ලෙන්නෙ නැති එවුන්. මුන් දවස පුරාම කියවන්නෙත් අර ටෙක්නිකල් මහප්‍රාණ. අපි ඕවා අල්ලන්නෙ බැරිම වුනොත් තමයි.. ලයිබ්‍රියෙ ඔය විශය කරුණු වලට අදාල නැති පොත් ඕන තරම් තිබුනා.. හොඳ සාහිත්‍ය කෘති ටිකක් තිබුනා. කියවන්න වටින. හැබැයි අර ලයිබ්රියෙම පදිංචි වෙලා හිටපු එකෙක්වත් නිකමටවත් ඒවා කියෙව්වෙ නැහැ.
අපි ඉගෙන ගන්නෙ රස්සාවක් කරන්න. ඒත් රස්සාවක් කරන්න විතරද ඉගෙන ගන්න ඕන? ජීවත් වෙන හැටි ඉගෙන ගන්නෙ කොහෙන්ද? කැම්පස් එක ඒකට කියාපු තැන. පිට සමාජෙ ඉන්න ඕන එකෙක්ගෙ අනුරුවක් ඔය සීමාව ඇතුලෙ ඉන්නවා.. එළ ට්‍රේනින් එක. ඊට අමතරව පොත් පත් (විශය කරුණු නෙවෙයි අනිත් ඒවා) වලින් ගන්න පුලුවන් දැනුම කියල ඉවර කරන්න බැහැ. මාටින් වික්‍රමසිංහ වගේම ජෝජ් ඕවල් ලියපු ලියවිලි වලත් ජීවිතයට වැදගත් මොකක් හරි තියෙනවා..
කැම්පස් යන්න ඉන්න කවුරු හරි, නැත්තන් දැන් කැම්පස් යන්න පටන් ගත්ත කවුරු හරි ඉන්නවනම් මට කියන්න තියෙන්නෙ "අල වෙන්න එපා" කියන්න විතරයි. රස්සාවටත් ඉගෙන ගනිං. හැබැයි මතක් කරලා ජීවිතයත් ඉගෙන ගනින්. මිනිහෙක් වෙයන්.
ආ.. අර අල සෙට් එක ලයිබ්‍රියෙන් ගත්ත දෙයක් නැහැ. උන්ගෙ තාමත් සමහරු රස්සා හොයනවා. මගෙන් ඉන්ටවීවි එකේදී ටෙක්නිකල් ඒවා ඇහුවේ බොහොම අඩුවෙන්. ප්‍රැක්ටිකල් කරලා පෙන්නන එක තමයි හුඟක් තිබුනෙ. ඒක ඉතින් (ඔබ්වියස්ලි) අලයොන්ට වැඩිය මට පුලුවන්.

Subscribe to:
Post Comments (Atom)
3 comments:
අඩො එහෙම කියන්න එපා.. රැග් නැති කැම්පසුත් තියනවා හොද මිනිස්සුන්ව බිහි කරන
මොන රැග් ද බන්?
මම අලයො කිව්වෙ අලයොන්ට... ඇන්ටි රැග් එවුන්ට නෙවෙයි..
ඒ ගැන ඊළඟට ලියන්නම්...
Post a Comment