හොල්මන්

හොල්මන් ගැන එකපාරටම මතක් වුනේ රෑ දෙගොඩහරිජාමෙ නිසා..

හොල්මන් ගැනනං මගේ එච්චර විස්වාසයක් නැහැ.. මට උන් හිටියත් එකයි නැතත් එකයි.. බස් එකේදි කකුල පාගන්නෙ නැත්තන් ඕනෙම හොල්මනක් එක්ක මට ගේමක් නැහැ..

හැබැයි මම යන යන තැන හොල්මන් හිටියයි කියලා කට කතා නම් අහලා තියෙනවා.. ඉස්කෝලෙ පරණ බිල්ඩිමක හොල්මනක් ඉන්නවයි කියල කතාවක් තිබුනා ඒ කාලෙ.. ඒ වුනාට අපිට නම් හිටිය එකම හොල්මන හිටියේ ප්‍රින්සිපල්ගෙ කාමරේ ඇතුලෙ.

කැම්පස් එකෙත් හොල්මන් ඉන්නවා කියලා කතාවක් තිබුන. මමනම් දැකලා නැහැ. ඔය වලියක් දවසකට මිසක්.

හොල්මන් ගැන කියන කතාවල මට හිතා ගන්න බැරි මහා උභතෝකොටිකය තමයි හොල්මන් ඇයි එහෙම හොල්මන් කරන්නේ කියන එක. මොකද හොල්මනක් අපිව බය කරා කියලා උන්ට ‍මොනවද හම්බ වෙන්නෙ? ඒ වුනාට හොල්මන් කතාවල ප්‍රධාන කාරණාව තමයි හොල්මනට අපිව බය කරන්න ඕන වුනා කියන එක.

මම හොල්මන් දැකලත් නැහැ.. දකින්න ආසාවකුත් නැහැ. උන් මට කරදරයක් නැත්තන් මම උන්ට කරදරයක් නැත්තන් එච්චරයි.. කතාවක් තියෙනවනේ. මට මගේ හැරමිටිය ඕන තරම් වනන්න නිදහස තියෙනවා.. හැබැයි ඒ නිදහස අනිත් එකාගෙ නහය ගාවින් ඉවර වෙනවා කියල. අන්න ඒක තමයි හොල්මනො උඹටත්

2 comments:

SIDATH said...

මොනවද බන් මේ මහ රෑට හොල්මන් මතක් කරන්නෙ ? අපි තමා පොඩි ළමයි නෙව.

ඔය කිව්වට තමුන්නැහෙත් බයයි නේද? .... ආ..... මන් දන්නවා.

සකල බුජං said...

හික්ස්... මම බය නැහැ කිව්වෙ නැහැනෙ බොස්!

Post a Comment