පාන් පරිප්පු

අලුත් කැබිනට් එකකුත් දැම්මලු.. ඒත් තාමත් මම පාන් සහ පරිප්පු කන්නේ..


පාන් පරිප්පු කියන්නේ රටේ ජාතික ආහාරය වගේ සීන් එකක්... හුගක් අය අද රෑට පාන් කමුද කියනවා කියල මට ෂුවර්.

පානුත් මාර කෑමක්.. දූපතක අතරමං වෙන කෲසොත් පාන් ගෙඩියක් හදා ගන්න බුදු ගේමක් දෙනවා වගේ පොතෙ තිබුනා මතකයි. ඒත් ඒකට පරිප්පු සෙට් වෙන්නේ මම හිතන්නේ ලංකාවෙදි. අපි කොහොමත් අමුතු විදියට කෑම කන්න දක්සයි..

ඇත්තම කියනවනම් මම පාන් පරිප්පු කන්නේ ආසාවට.. ඕන කම තිබුනනම් වෙන මොකක් හරි හදාගෙන කන්න තිබුනා.. ඒත් වෙන කරන්න දෙයක් නැති නිසා පාන් පරිප්පු ගිලින කීයක් ගිය අට වෙනිදා ඡන්දෙ දැම්මද දන්නෙ නෑ.. ඒ ගැනවත් (ඒ කියන්නේ අඩුම ගානේ පාන් පරිප්පු ගැනවත්) හිතලා මේ අලුතින් පත් වෙච්ච කැබිනට් ගැන්සිය රටට වැඩක් කරනවනම් හොදයි.

තව පෙති දෙකක් ඉතුරුයි.. වැඩේ දීලා එන්නම්.. මේ ඇඩ්මින් කෙනෙක් වත් මේල් එකක් එව්වේ නැහැ සෙට් කර ගත්තා කියලා..

2 comments:

Thameera said...

එල එල
හැබෑවට සකල බුජං කොට කලිසංද අඳින්නෙ? :D

මේ word verification අයින් කරන්නෝ!

සකල බුජං said...

හික් හික්..

කොටනම් නෙවෙයි බොස්.. ඩෙනිමයි සෙරෙප්පු දෙකයි ඇරෙන්න වෙන මොනවද අපිට.. රාජකාරීමය ව්‍යසනයක් ඒක (occupational hazard කියල කියන්න හැදුවෙ)

ඔන්න අයින් කරලා දැම්මා... වතුර පාරක් ගහලා යන්ඩ.

Post a Comment