පුතත් තාත්ත වගේම වෙන්න ඕනෙද?

එහෙම නැත්තන් නොට්ටිගෙ පුතා කියනවලු නෙ.. මමනම් දන්නේ නැහැ ඔය කතාවෙ අග මුල..

හැබැයි මම හිතන්නෙ පුතා තාත්තා වගේ වෙන්න‍‍ ඕනෙ නැහැ.. පුතා පුතාට කැමති දේ වෙන්න ඕනෙ. තාත්ත ඒ කැමැත්තට ඉඩ දෙන්නත් ඕනෙ.. ප්‍රායෝගිකව පුතා තාත්ත වගේ වෙලා බැහැ. මගේ තාත්තා මිකැනික් කෙනෙක්. මමත් මිකැනික් කෙනෙකු වුනානම් මට අද වැලේ වැල් නැති වෙනවා. මොකද මම කැමතිම නැති රස්සාවක් ඒක. ඒ අතින් තාත්ත මට කැමති දේ වෙන්න ඉඩ දුන්න. මෙඩ්ඩෙක් වෙන්න අකමැතියි කිව්වාමවත් වැඩිය විරෝධයක් දැම්මෙ නැහැ.

තාත්ත වගේ වෙන්න ආස එකම පුතාලා සෙට් එක ඔය මැති ඇමති ජනාධිපතිලගෙ සෙට් එ‍කේ පුතන්ඩියල වෙන්න ඕනෙ.

2 comments:

Anonymous said...

ඒක හරි...
ලියාපං මචෝ දිගටම..

සකල බුජං said...

එළ.. වතුරට තැන්කූ.. වේලි වේලි හිටියෙ ටික වෙලාවක් තිස්සෙ.

Post a Comment