අල, වාත හා අල

කලින් පෝස්ට් එකේ අල කියන වචනේ පාවිච්චි වුන හැටි රවා ස‍හෝදරයා වැරදියට සෙට් කරගෙන තිබුනා.. ඒ ගැන මගේ අයිඩියා දෙක තුනක් මේකෙ ලියන්න ඕනෙ.

කැම්පස් එකේදි අල කියලා පාවිච්චි වෙන සෙට් දෙකක් ඉන්නවා.. එකක් තමයි රැග් එකට විරුද්ධ සෙට් එක. අනිත් එවුන් තමයි මෙලෝ රහක් නැති, කිසිම වැඩකට සෙට් වෙන්නේ නැති පොත් ගුල්ලො ටික.

අපේ රැගක් තිබුනට කවුරුවත් ඇන්ටිරැග් කාරයො නැහැ. මොකද තිබ්බ රැගත් මෙලෝ රහක් නැති නිසා.. ඒක සින්නො ඇඩ් එක දාන්න තියපු රැගක් මිසක් අපිට වුන සෙතක් නැහැ. අන්තිමට අපේ බැච් එකත් කැඩිලා බිඳිලා යනකොට තමයි අපිට තේරුනේ අපෙ රැගත් මහ විකාරයක් නෙ කියලා.

හැබැයි අපේ අලයොනම් අම්බානකට හිටිය. මම අර කලින් කිව්ව පොත්ගුල්ලො ටිකත් අ‍ලයො තමයි.. පිරිතක්, මලගෙයක් තිබුනොත් මුන් ටික හිටියද කියල හොයන්න නැහැ. කොටින්ම ස්ටාෆ් එකත් එක්ක වලියක් ගියොත් මුන් හැසිරෙන්නෙ ස්ටාෆ් එකේ එවුන් වගේ. "දෙනවා" කියලා තමයි අපි කියන්නෙ.

ඇන්ටි රැග් එවුන්ටත් අල කියලා කියන්න පුලුවන් එක හේතුවක් තියෙනවා. මහ එපා කරපු රැග් තියෙන තැන්වල (‍‍පේරා, ජපුර වගේ) ඒ රැගට විරුද්ධව එක ලබු ගෙඩියක වැඩක් කරන්න උන්ට බැරි වෙලා තියෙනවා. උන් කරන එකම විරෝධය තමයි විරෝධයක් නොපා තමන්ගෙ වැඩක් බලා ගන්න එක. ඊට පස්සෙ අර රැග් වෙන අසරණයොන්ට බනිනවා මෝඩයො කියලා. ඉතින් ඒ අතින් ගත්තොත් උනුත් අල තමයි.

පේරා ඇතුලෙ අල (ඇන්ටි රැග්) සහ වාත (රැග්) කියල බෙදෙන එවුන් ජපුරෙදි හඳුන්වන්නේ බොග සහ වාත කියල.

4 comments:

Anonymous said...

ඇයි බං උඹට අමතක උනාද ප්‍රේමෙයි, අලෙයි අතර තියෙන සම්බන්ධකම???

සකල බුජං said...

ටියුබ් ලයිට් බොස්! මොකද්ද ඇත්තටම?

Anonymous said...

ඇයි බං කෙල්ලොන්ගෙන් ආදරේ ඉල්ලලා, ඒක හම්බවුනේ නැති උනාමත් 'අල වෙනවා' කියලානේ කියන්නේ..
සමහරු නම් අල ගෝනි පිටින් එකතු කර ගන්නවා, අවුරුදු 3 ඉවර වෙද්දී.. හික් හික්

සකල බුජං said...

ඒකට අපි කිව්වෙ ඇණ වෙනවා කියලා

Post a Comment