මොනවද ලියන්නේ කියල කල්පනා කර කර ඉඳිද්දි තමයි මේක මතක් වුනෙ..
මගෙ අම්මයි තාත්තයි රණ්ඩු වෙන හැටි දැක්කාම මම ඒ කාලේ හිතුවා දඬු කදේ ගැහුවත් බඳින්නේ නම් නැහැ කියල.. මොකද දෙන්න අර රෑට ගාථා කියනවා වගේ තමයි.. සතියකට දෙපාරක්වත් වලි ෂුවර්..
පස්සේ අර තෙල මෝරගෙන එනකාලේ ඉතින් ගැටිස්සියක් හොයන කොට කෙලින්ම බඳින්නනේ හොයන්නේ.. හා හා පුරා කියල වැඩ ඇල්ලුවේ මට වැඩිය අවුරුද්දක් වැඩි කෙල්ලෙක් ගෙන.. ඒකටම වැඩේ එපා වුනාට පස්සේ (සින්දු අහ අහ ඩිප ගහල හිටියා මාසයක් විතර) බඳින එකත් ලේසි නෑ නේද කියල හිතුනෙ..
මටනම් හිතෙන විදියට බඳිනවා කියන දේ මහ උගුලක්.. දැන් බලමු.. උදේ පාන්දර නැගිටිද්දී ඇෙඳේ එහාපැත්තේ තවත් එක්කෙනෙක් ඉන්නකොට නිකන් මොකද්ද වගේ නැද්ද? ඒත් ඉතින් යවන්නයැ? බැන්ඳාම එකට නිදාගන්න එක අනිවාර්ය සේවා නෙ. අනික පාරෙ යන සිරා මීටරයක් දිහා බැලුවත් ගෙදර ආව ගමන් බඩු පැකට්.. අපි බලන හැම කෙල්ලෙක් එක්කම යන්න හදන්නෙ නැහැනෙ.. හැබැයි දඬුවම් ලැබෙන්නේ එහෙම යන්න හැදුව වගේ. ඒක නම් කෙල්ලොන්ගෙ ඉරිසියාව මම හිතන්නෙ.
ඊට පස්සේ හදමුකො පොඩ්ඩො ටිකක්.. අම්මප මම වගේ නම් හැදෙන්න ගියොත් හම ගහනවා. මොකද මම දන්නවනේ මගේ හැටි.. ඒව කොහෙද මාත් එක්ක. පොඩ්ඩො හදන්න පටන් ගත්තට පස්සේ ගෙදර උන්දැගේ ලව් එකත් ටිකක් බහිනවා.. බෙදා හදා ගෙන ගන්නත් වෙනවා.. වෙනදට වැඩිය කඩා පනින්නත් බලනවා.. හපො.. අන්තො ජටා බහි ජටා.
පාටියකට ගිහින් ෂොට් එකක් දාන්න බැහැ කන් කෙඳිරිය පටන් ගන්නවා.. අඩුම ගානේ වැටෙන්න ගහනකොට තියෙන ආතල් එකවත් ගන්න නැහැනෙ. හීනියට අඩිය දෙක ගානේ ගහන්න black label එකක්වත් තියා ගන්න වෙන්නේ නැහැ පොඩ්ඩො ටික හැදෙන්න පටන් ගත්තාම.. මොකද මම වුනත් කැම්පස් යන කාලෙත් තාත්තගේ Vat 69 එකයි Teachers එකයි හොරෙන් ගහනවා මතකයි..
ඊට පස්සෙ තවත් ජර මර ගොඩයි.. ඉස්කෝල හොයන්නයි.. උගන්නන්නයි.. කෙල්ලො කොල්ලො හොයල දෙන්නයි. බන්ඳවන්නයි.. අරකයි මේකයි.. මේවා කරලා ඉවරවෙන කොට මගෙ ජීවිතෙ ගෙවිලා තියෙයි.. එතකොට රස්සාවෙන් අස්වීම දෙන්නේ කින්ඩියට වගෙයි.. හරියට අර කාන්තාරෙ මැදදි රත්තරං කෝප්පයක් දෙනව වගේ වැඩක්.. මොකද එච්චර වෙලා තිබිලත් ෆන් එකක් ගන්න ජීවිතෙ ඉතුරු වෙන්නෙ නැති එකයි.. රිටයර් වෙලා ටික කාලෙකින් වල කජ්ජ ගහයි..
මේ හැම එකක් ම සලකල බලලා මමනම් හිතාගෙන ඉන්නේ බඳින්නේ නැහැ කියලා.. හැබැයි එක චූටිත්තං සියුම් ඉතාම ඉතා පොඩි කොක්කක් තියෙනවා.. ඒ තමයි දැනට ඉන්න කෙල්ල. එයාටනම් බඳින්න ඕනෙමලු.. ඔය කියපු දේවල් කරද්දි ලු ජීවිතෙ ෆන් එක.. එයාට නම් ඉතින් මොකද............
හරි.. ඊළඟ විනාඩි පහලව තෙක් වතුර ගහමු...
Subscribe to:
Post Comments (Atom)
11 comments:
අපිත් ඉන්නවනේ බලමු මොකද වෙන්නෙ කියල... හෙට අනිද්දට කියාවි වෙඩින් එක ලබන මාසෙ කියල
අනේ මූ හිතල තියෙන දේවල්.
@වත් අනේද කියන්නෙ කිව්වලු. හැබැයි පොර කියන ඒවා නං මටත් හිතිල තියනවා.
කියලා වැඩක් නැහැ හිත ගිහින් තියන දුර..
Maru life eka
හෙහ් හෙහ්..සෑහෙන්න හිතල නෙව. දුවමු දුවමු එහෙනම්.
@wath: යන හැටියටනම් සහෝදරී ලබන අවුරුද්දෙදි මට සිර දඬුවම ලියවෙයි වගේ..
@Madhawa, කුම්භකර්ණයා, රවා, හසිත, Raven : අනිවා මචන්ලා.. ප්ලෑන් නොකර දොට්ට පිළටවත් යන්න හොඳ නැති කාලයක් මේක.. දුවමු දුවමු.
හී හී හී මරේ මරු පොස්ට් එක
හි හි...සිරාවටම.. මමත් හිතන් ඉන්නේ බඳින්නෑ කියලා.. මොකටද දැන දැන වලේ වැටෙන්නේ නදේ.... හි හි... කෙල්ලො මොනාද දන්නේ ඔය ගැන. ෆන් තියෙයි.... පී
@මධූ: වතුරට තැන්කූ
@Prabhath: දාන්ඩ පහක් .. ඔය කුමණ්ත්රණ වලට අහුවෙන්න එපා..
බලාගෙන , කෙල්ල දකීවි..
Post a Comment